bashavakaBavithayaHaVigrahaya - භාෂාවක භාවිතය හා විග්‍රහය
By:
Sign Up Now!
Already a Member? Log In
You must be logged into Bookshare to access this title.
Learn about membership options,
or view our freely available titles.
- Synopsis
- භාෂාව පිළිබඳ සිංහලයාගේ ආකල්පය ද, විසිවෙනි සියවසේ භාෂා විමර්ශකයාගේ දෘෂ්ටියට, නෑකම් කියන්නක් නොවෙයි. නූතන අපරදිග භාෂා විමර්ශකයා, මිනිසෙකු නැතිව පවා මිනිස් කටහඬ නිපදවයි; ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය, පරිගණක යන්ත්‍රයක මාර්ගයෙන් රුසියානු භාෂාවට පරිවර්තනය කරයි; භාෂාවකට අයත් ඕනෑ ම වාක්‍යයක් ජනනය කළ හැකි ශක්තියෙන් යුක්ත සූත්‍ර පද්ධතියක් සොයා ගනියි. එහෙත් සිංහල භාෂා විමර්ශකයා කුමක් කරයිද? අදත් “පරා විසින් පුටුයේ පරපුටු’ ‘දෙව්දත් මවට මැනැවි” යයි සිය දරුවාට උගන්වා, ඔහු වියරණයෙහි පරතෙරට පැමිණෙතියි සැනසෙයි; “ලඹෝරා” “වැල්ලවුරු” යයි වනපොත් කොට, බසෙහි පිරියත් බව ලැබූ නියාව අඟවා උදන් අනයි; ඉටු අනිටු ගණ පිහිටුවා නොයෙක් සෙත්කවි වස්කවි බඳියි. සිංහල භාෂා විමර්ශකයා කයින් අප හා ගැටෙමින් ජීවත් වුවත්, සිතින් දහතුන්වෙනි සියවසෙහි පමණ සැරිසරන්නෙකි. සිංහල භාෂාව නිසි ලෙස පරිහරණය කිරීමට හෝ සිංහල භාෂාවේ ස්වරූපය තත්වාකාරයෙන් වටහා ගැනීමට හෝ අනුබල නොදෙන සිංහල ව්‍යාකරණ ශාස්ත්‍රය, දහතුන්වෙනි සියවසෙන් අනතුරුව පල් වීමට පටන්ගත් දියකඩිත්තක් වැන්න.
- Copyright:
- 2013
Book Details
- Book Quality:
- Publisher Quality
- Publisher:
- S. Godage and company - ඇස්. ගොඩගේ සහ සමාගම.
- Date of Addition:
- 03/07/19
- Copyrighted By:
- J.B. Disanayaka.
- Adult content:
- No
- Language:
- Sinhala
- Has Image Descriptions:
- No
- Categories:
- Nonfiction
- Submitted By:
- Bookshare Staff
- Usage Restrictions:
- This is a copyrighted book.